ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති බැවින්, එහි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු පත් කරන්නැයි ඉල්ලා පළාත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ආණ්ඩුකාර නන්ද මැතිව් වෙත දිවුරුම් ප්‍රකාශ අද ඉදිරිපත් කළා. මෙලෙස දිවුරුම් ප්‍රකාශ ලබා දුන් පිරිස අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 05 දෙනෙකුද ඇතුළත්. එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට එක්වූ ඌව පලාත් සභා මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, පළාත් අමාත්‍ය අනුර රවීන්ද්‍ර විදානගමගේ සහ නිදහස් සන්ධාන මන්ත්‍රී වඩිවේල් සුුරේෂ් ද මෙලෙස දිවුරුම් ප්‍රකාශ ලබාදුන් පිරිස අතර වනවා.
පසුගිය පළාත් සභා ජන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර 02ක් හිමි වුණා. අද දිවුරුම් ප්‍රකාශ ලබා දුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 05 දෙනාද සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17ක් වන අතර ආණ්ඩු පක්ෂයට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධුර 15ක් පමණයි.
විපක්ෂ මන්ත්‍රිවරුන් අද පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී දිවුරුම් ප්‍රකාශ ලබාදීමෙන් පසුව අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනට සිටින පළාත් ප්‍රධාන අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ දැනුවත් කරන බවයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජය හිමි කර දෙමින් ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ නව ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩසටහනට සහය දැක්වීමට එක්වූ මැති ඇමතිවරුන් අතර වයඹ පළාත් සභා ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර ද වනවා. ඔහු අද පළාත් සභා සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.
වයඹ පළාත් සභාව නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 34ක්, එක්සත් ජාතික පක්ෂයේ 12ක්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 03ක්, මුස්ලිම් කොංග්‍ර‍්‍රසයේ 02ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීිවරයෙකුගෙන් සැදුම් ලබනවා. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ සන්ධාන මන්ත්‍රිවරුන් සියලූදෙනා නව ජනාධිපතිවරයාට සහය පළ කරන බවයි.
මීට අමතරව අනෙකුත් පළාත් සභාවලද ඉදිරියේදී බල පෙරළියක් සිදුවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර සන්ධානයට බලය හිමි බේරුවල නගර සභාවේ අද උණුසුම් තත්ත්වයක් මතුවුණා. ඒ, මාසික සභා වාරය පැවැත්වෙන අතරතුර සන්ධාන නාගරික මන්ත්‍රීවරයෙකු විපක්ෂයට සහය පළ කිරීමත් සමගයි. නගර සභාවේ සංයුතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 5 ක් හිමිව තිබූ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු සිටියා. එක් මන්ත්‍රීවරයෙකු විපක්ෂයට සහය පළ කිරීමත් සමග දෙපාර්ශවය සමාන වූ අතර ඒ අනුව අද මුලසුනේ සිටි නගර සභාවේ උපසභාපතිවරයා සභාව පවත්වාගෙන යෑමට උත්සාහ කර තිබෙනවා. එහිදී නගර සභාවේ විපක්ෂ නායක මසාහිම් මොහොමඞ් සභාව තුළ ඝන පූර්ණය නොමැති බව පවසමින් උප සභාපතිවරයාට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
සභාව තුළ උනුසුම් වාතාවරණයක් මතුවූ මොහොතේ උප සභාපතිවරයාගේ පියා ඉන් පිටත සිට සභාව තුළට ගල් ප්‍රහාරයක් එල්ල කළ බවටද විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. එහෙත් උප සභාපතිවරයා පවසන්නේ අතක් වැදීමෙන් සභා ගොඩනැගිල්ලේ පිහිටි ජනේලයකට හානි සිදුවී ඇති බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරන බව මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී තිලක් බණ්ඩාර අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. එම අවස්ථාවට සන්ධානයට බලය හිමි නාවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ පිරිසක්ද එක්ව සිටියා.

Latest News
තලවතුගොඩ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
09 September 2026
වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
Local
09 September 2026
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්
Local
09 September 2026
විපක්ෂ නායක සජිත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙයි
Local
09 September 2026
ජාතික හා කලාපීය ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගන්නවා – ඉන්දීය ආරක්ෂක ඇමැති අතර හමුවේදී ජනපති කියයි
Local
09 September 2026
කෝටි 05ක මත්ද්‍රව්‍ය එක්ක ව්‍යාපාරික කතුන් දෙදෙනෙක් ගුවන්තොටේදී දැලේ
Local
09 September 2026
රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයෙක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
09 September 2026
FitsAir ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Local
09 September 2026
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හිත්රෝ සහ ගැට්වික් ඇතුළු බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ රැසක ගමන් වට අවහිර වෙයි!
Local
09 September 2026
සූගීෂ්වර ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්
Local
09 September 2026