General18 January 2015

බුද්ධියට, විනයට සහ හික්මීමට මුල් තැන. - ජනපති.

මාතෘ භූමිය වෙනුවෙන් පැවරී ඇති වගකීම් හා යුතුකම් ඉටු කිරීමේදී මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා නිරන්තරයෙන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඵෙතිහාසික කැළණි රජමහා විහාරස්ථානය වෙත ඊයේ (17) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු පැවති උත්සව සභාව අමතමින්.  මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ බුද්ධියට අත්දැකීම්වලට, විනයට සහ හික්මීමට මුල්තැන දී කටයුතු කළ යුතු බවයි.

 මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ විවිධ මත ඇති කණ්ඩායම් එක්ව රටේ පාලනය ක්‍රියාත්මක කිරීම මේ වනවිට සිදුවන බවයි.

Related recommendation
Hiru TV News | Programmes