General21 January 2015

ඉන්ධන මිල අඩු කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩුවනවා. එහි නව මිල වන්නේ රුපියල් 117 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 30 ක සහනයක් ලබාදී ඇති අතර එහි නව මිල රුපියල් 128 ක්.

මේ අතර සාමාන්‍ය ඞීසල් ලීටරයක්ද රුපියල් 16 කින් අඩුකර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 95 ක්. සුපිරි ඞීසල් ලීටරයක මිලද රුපියල් 23 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 110 ක් වනවා. භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 16 කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 65 ක්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඊයේ (21) පස්වරුවේ රැස්වී ඇති අතර එහිදී මෙම තීරණය ගත් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes