හෝර්ටන්තැන්න - ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයෙකු දැවැන්ත මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (21) සමත් වුණා. මුලින් වාර්තා වූයේ මෙම විදේශිකයා චීන ජාතිකයෙකු බවටයි. කෙසේ වෙතත්, පසුව ඔහු ඕලන්ත ජාතිකයෙකු බව අනාවරණය වී තිබෙනවා. මෙම ඕලන්ද ජාතිකයා සහ ඔහුගේ බිරිඳ අද (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එකවරම ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ඔහු ලෝකාන්ත බෑවුමේ මීටර් 50 ක පමණ පහතට ඇදී ගොස් ගසක රැදී ඇති අතර පසුව ඔහු එම ගසේ එල්ලී සිටින අයුරු නිරීක්ෂණය කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජයන්ත සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙම ඕලන්ද ජාතිකයා මුදා ගැනීම සඳහා එම ස්ථානයට පිටත් කර යැවුවා. කෙසේ වෙතත්, අධික සුළඟ සහ පිහිටි ස්ථානය අනුව හෙලිකොප්ටර් යානය ඔහු රැඳී සිටි ගස අසලට රැගෙන යාම අවදානම් සහගත නිසා යළි දියතලාව ගුවන් හමුදා කඳවුරට ගොස් එම යානයෙන්ම ගුවන් හමුදා විශේෂ බලකායේ සහ යුද හමුදාවේ භට කණ්ඩායමක් එම ස්ථානයට රැගෙනවිත් තිබෙනවා. ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සෙබළුන් කඹයක් ආධාරයෙන් ඕලන්ද ජාතිකයා සිටින ස්ථානයට ළඟාවී ඔහු මුදාගත් බවයි හෝර්ටන්තැන්න නියෝජ්‍ය උද්‍යාන භාරකරු සමීර බණ්ඩාර කියා සිටියේ.
අනතුරුව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ ඕලන්ද ජාතිකයාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි අධ්‍යක්‍ෂවරයා තවදුරටත් සඳහන් කළේ.
විවාහ වී දින 6 කට පසු මමිතෝ ලෙන්ඩස් නම් 35 හැවිරිදි ඕලන්ද ජාතිකයා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Update: Saturday, 21 February 2015 - 06:58 PM
..........................................................................
ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයා ගුවන් හමුදා මෙහෙයුමකින් බේරා ගැනේ
අද උදෑසන ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයා ගුවන් හමුදාව දියත් කළ විශේෂ මෙහෙයුමකින් බේරාගෙන තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ගුවන් හමුදා විශේෂ බලකායේ සෙබලූන් යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. මෙම විදේශිකයා සහ ඔහුගේ බිරිඳ අද (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී එකවරම මෙම විදේශිකයා ඉන් පහළට ඇද වැටී තිබෙනවා. පසුව ඔහු ගසක අත්තක රැදී ඇති අතර ඔහු එම ගසේ එල්ලී සිටි බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ඔහු බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවනු ලැබූව ද එම උත්සාහය අසාර්ථක වුණා. ඉන් අනතුරුවයි ගුවන් හමුදාවේ විශේෂ බලකායේ සෙබලූන් විපතට පත් මෙම විදේශිකයා බේරා ගැනිම සදහා මෙහෙයුම ආරම්භ කළේ. බේරා ගත් මෙම විදේශිකයා මේ වන විට දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ
Update : Saturday, 21 February 2015 - 12:39
-----------------------------------------------
ලෝකාන්තය නැරඹීමට ගිය පුද්ගලයෙකු ඉන් පහළට වැටී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙලෙස වැටී ඇත්තේ චීන ජාතිකයෙකු වන බව ද සදහන්. මෙම චීන ජාතිකයා බේරාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026