General25 April 2015

පැන ගිය හමුදා සාමාජිකයන් හෙට සිට අත්අඩංගුවට

යුද හමුදාව හැර ගිය හමුදා සෙබළ  සෙබළියන්ට හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා  ලබාදී තිබූ පොදු සමා කාලය අද (25) දිනයෙන්  අවසන් වනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (24) පස්වරුව වන විට යුද හමුදා සාමාජිකයන් 23,600ක් සිය රෙජිමේන්තුවලට වාර්තා කර තිබූ බවයි. ඉන් 18,500ක් පමණ මේ වන විට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇති බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, යුද හමුදාව හැර ගිය සෙබළුන්  සම්බන්ධයෙන් ගන්නා කිරියාමාර්ග පිළිබඳ  ඉදිරියේ  දී  ප්‍රකාශ කරන බවයි  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes