General06 May 2015

ඇමරිකානුවෙක් ලාංකිකයෙකු ඝාතනය කරයි

ඇමරිකාවේ - ටෙක්සාස් ප්‍රාන්තයේ බීමොන්ට් ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු වූ 52 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. ඔහුගේ වෙළඳසැල කොල්ලකෑමට පැමිණි පිරිසක් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුණේ පසුගිය අප්‍රේල් 28 වනදායි. සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගි කරගෙන ඇමරිකානු පොලිසිය මීට අදාළ පරීක්ෂණ සිදුකර තිබුණා. මෙත්තානන්ද කුරුප්පු නමැති මෙම ශ්‍රී ලාංකිකයා තම බිරිඳ සහ දරු දෙදෙනා සමඟයි ඇමරිකාවේ ජීවත් වන්නේ.

Related recommendation
Hiru TV News | Programmes