General11 June 2015

ඉඩම් බලෙන් අත්පත් කරගැනීම සහ නිවැසියන් ඉවත් කිරීම නතර කරන්න- අගමැති

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

 නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජයේ උපදේශකත්වය, සහභාගීත්වය සහිතව ක්‍රමවත් මානුෂික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

 පසුගිය ආණ්ඩුව සමයේ විිවිධ අවශ්‍යතාවන්ට බලහත්කාරයෙන් මහජනයා ඉවත් කරමින් ඉඩම් අත් පත් කරගෙන තිබෙනවා. ඒ සඳහා වන්දි ගෙවීම්ද සිදුකර ඇත්තේ අක්‍රමවත් සහ අවිධිමත් ලෙසට බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ජයේ සහ පුද්ගලික ඉඩම් පිළිබඳ කටයුතුවලදී වඩාත් විනිවිද භාවයකින් සහ වගකීමකින් යුක්ත සැලැස්මක් හඳුන්වා දීමටද පියවර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
Related Recommends
Hiru TV News | Programmes