පොළොන්නරුව - කෞතුකාගාරයේ පිවිසුම් දොරටුවේ පවතින දෝෂ හේතුවෙන් එහි තිබෙන කෞතුක භාණ්ඩවල ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බව හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිට ස්ථාපිත කර ඇති මෙම කෞතුකාගාරය පාලනය කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. එය නැරඹීම සඳහා දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50ක් සහ විදේශීකයෙකුගෙන් රුපියල් 3300ක් අය කෙරෙනවා.
මෙහි පිවිසුම් දොරටුව ආසන්නයේ ද පොළොන්නරු යුගයට අයත් කෞතුක වස්තූන් රැසක් තැන්පත් කර තිබෙනවා. අමුත්තෙකු ඇතුළු වූ සැණින් ස්වයංක්‍රීයව විවෘත වන ලෙස සකසා ඇති එම දොරටුව කෞතුකාගාරය වසා දැමීමෙන් පසු ක්‍රියා විරහිත කළ යුතු වනවා. එහෙත් විශේෂත්වය වන්නේ මෙහි පවතින දෝෂසහගත තත්ත්වය නිසා සවස 5.30ට කෞතුකාගාරය වසා දැමුණත් කෙනෙකු ඇතුළු වූ සැණින් එය යළි ස්වයංක්‍රීයව විවෘත වීමයි. මෙම දෝෂය පරිපාලකයන් වළකා ගන්නේ ලී කොටයක් දොරට සිර කිරීමෙන්.
කෞතුකාගාරයේ සිසි ටී.වී. කැමරා පද්ධතිය ද වසරකට වැඩි කාලයක් අක්‍රියව පවතින බව හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. එහි පාලක මැදිරිය අද ගබඩාවක් බවට පත්වෙලා. මෙහි සේවකයන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව ද ජනතාවට ඇත්තේ නොසතුටක්. කොතරම් පැමිණිලි ඉදිරිපත් කළත් ඊට නිසි පියවර ගැනීම පසෙක තබා මෙහි සේවකයන් පරිගණක ක්‍රීඩාවල යෙදීම පමණක් සිදුකරමින් සිටින බව එහි ගිය අප වාර්තාකරුට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
බලධාරීන්ගේ නොසැලිකිලිමත්කම නිසා මෙරට ප්‍රධාන කෞතුකාගාරය වන කොළඹ ජාතික කෞතුකාගාරය ද දෙවරක් සොරුන්ගේ ග්‍රහණයට නතු වුණා. මිල කළ නොහැකි පෞරාණික වස්තු තැන්පත් කර ඇති පොළොන්නරුව කෞතුකාගාරටයත් එවන් ඉරණමක් අත්වේ ද?

Latest News
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වීමෙන් පළාතේ ප්‍රධානතම ඉහළ තනතුරු දෙකක් හිස් වෙයි
Local
15 July 2026
මත්පැන් බලපත්‍රයක් දෙන බව කියා කෝටි 2කට අධික මුදලක් වංචා කළැයි එස්.බී. දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට
Local
15 July 2026
ඩෙංගු මරණ 49 දක්වා ඉහළට - රෝගීන් ගණන 71,235 දක්වා නගී
Local
15 July 2026
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට ජීවිත තර්ජන ඇතැයි පැමිණිල්ලක්
Local
15 July 2026
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ UK අපනයන අවස්ථා පුළුල් කිරීමට SheTrades අත්පොත් එළිදක්වයි
Local
15 July 2026
රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ
Local
15 July 2026
හර්ෂ මතු කළ ගැටලුවෙන් පසු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
Local
15 July 2026
ඉන්දියානු විවාහ උත්සවවල ‘සුපිරිම තේරීම’ ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට: මැදපෙරදිග යුද අර්බුදය මැද ලංකාවට දැවැන්ත ඉල්ලුමක්!
Local
15 July 2026
අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියයි
Local
15 July 2026
පාපන්දු ලෝක කුසලාන එංගලන්ත - ආර්ජන්ටිනා අවසන් පූර්ව ගැටුමට දැඩි ආරක්ෂාවක්
Local
15 July 2026