මහ ඇමතිවරු 3ක් දියවන්නාවෙන් ගොඩ වෙයි

Wednesday, 19 August 2015 - 19:28

%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා සියලූ පළාත් සභාවල පුරප්පාඩු 55 ක් පවතිනවා. පළාත් මහ ඇමතිවරුන් තුන්දෙනෙකු මෙන්ම විපක්ෂ නායකවරුන් 4දෙනෙකුද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයක්.

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළාත් සභා විපක්ෂ නායකවරුන් වන්නේ මධ්‍යම පළාත් විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ, සබරගමු පළාත් විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න, වයඹ විපක්ෂ නායක ජේ. සී. අලවතුවලයි. එසේම උතුරු මැද පලාත් සභාවේ විපක්ෂ නායක සිඞ්නි ජයරත්නද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

වැඩිම පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ බස්නාහිර පළාත් සභාවෙන්. එම සංඛ්‍යාව 14 ක් වනවා. වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් සභාවලින් මන්ත්‍රීවරුන් හත්දෙනෙකු බැගින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දකුණු පළාත් සභාවෙන් මන්ත්‍රීවරුන් පස්දෙනෙකුද, නැගෙනහිර පළාත් සභාවෙන් මන්ත්‍රීවරුන් හතරදෙනෙකුද තේරී පත්වී තිබෙනවා. උතුරු මැද සහ උතුර පළාත්වලින් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් දෙදෙනා බැගින් තේරී පත්වුණා. වැඩිම පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර එම සංඛ්‍යාව 36ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories