නෝට්ටුවලට අත්සන් කරන්නේ කවුද ?

Saturday, 03 October 2015 - 9:44

%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F
ශ්‍රී ලංකා මහබැංකුව මුදල් අමාත්‍යාංශයට අයත් නොවන බැවින් මුදල් නෝට්ටුවලට අත්සන් තැබීමේ දී ගැටළුවක් මතුවුවහොත් එය කළමනාකරණය කර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.

මහබැංකුව මුදල් අමාත්‍යාංශයට අයත් නොවන නිසා මුදල් නෝට්ටුවලට අත්සන් තැබීමේදී ගැටළුවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ හිරු ටී.වී. බලය දේශපාලන සංවාදයට එක්වෙමින්.

මුදල් නෝට්ටු සඳහා අත්සන් තැබීම සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සැලසෙන්නේ මුදල් නීති පනත යටතේයි. ඒ අනුව සෑම මුදල් නෝට්ටුවක්ම විෂය භාර අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයාගේ අත්සන සහිතව නිකුත් කළ යුතුයි. කෙසේ වෙතත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අදාළ කටයුතු සිදුකරමින් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories