අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, ද අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඊයේ (25) නියෝග කළා. ඒ, සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
පෙරේදා රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. මෙහිදී බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ කළමනාකරු සහ තවත් සේවකයින් දෙදෙනෙකු මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට පැමිණි සැකකරුවන්ට අයත් යැයි සැක කෙරෙන මුහුණු ආවරණ සහ අත් ආවරණ කිහිපයක් ද උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය ඊයේ සොයා ගත්තා. මෙම සැකකරුවන් පොහොර උරවලින් සැරසී සිට ඇති බව සී සී ටී වී දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා.
පහරදීමෙන් ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා 57 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. මොහු ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියන අතර, ගැටුම ඇති වූ සමාජ ශාලාවට එරෙහිව පසුගිය කාලවකවානුවේදී ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා ද එල්ල වුණා. ඒ, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ සමාජ ශාලාවක් පවත්වාගෙන යාම හේතුවෙන්.

Latest News
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026