සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළ මරදානේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක, ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඇය සෞදි අරාබියේදී තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග අනියම් ඇසුරක් පැවැත්වීමේ චෝදනාවටයි. මෙම කාන්තාව විවාහක තැනැත්තියක් වන අතර, සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා අවිවාහක තරුණයෙක්.
වරද සම්බන්ධයෙන් ඔහුට ද කස පහර ලබාදීමට සෞදි අධිකරණය තීරණය කර තිබෙන බවයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ නඩුව නැවත සලකා බැලීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සෞදියේ තානාපති කාර්යාලය හරහා විමසීමක් කළ බව ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය සියලූ නඩු ගාස්තු පියවීමට ද විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරන බවයි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ.
මේ අතර, සෞදියේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය සිය නැගණියගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙනවිත් දෙන ලෙස මාතලේ - උකුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉල්ලීමක් කරනවා. මීට වසර දෙකකට පෙර ඔහුගේ නැගණිය, ඇගේ ස්වාමිපුරුෂයා සමග සෞදි ගෘහ සේවයට පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඇය ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්වුණු බව ඊයේ දිනයේදී ඇය සේවය කළ නිවසේ හිමිකරු දුරකථනයෙන් දන්වා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම මරණය තමන්ට සැක සහිත බවයි මියගිය කාන්තාවගේ සහෝදරයා වන එස්. උදය කුමාර් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.

Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026