සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට අද දිනයේ එම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අද (04) පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළා. ඔහු කියා සිටියේ එම දඬුවමට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලූම ආගමික සහ ජනප්රජාවන් කනස්සල්ලට පත්වන බවයි.
සුමන්දිරන් මන්ත්‍රීවරයා සිදුකළ හෙළිදරව්ව පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම්ගෙන් අප විමසීමක් කළා. රියාද් නුවර සිට හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඒ පිළිබඳව තානාපති කාර්යාලය දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවයි. ඇය හමුවීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන බවට සෞදි රජය දැනුම්දී තිබූ බවත්, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අනියම් සබඳතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වැරදිකාරියක වීම නිසා ගල්ගසා මරාදැමීමට නියමවූ මෙම කාන්තාව වෙනුවෙන් ලක් රජය මගින් අභියාචනයක් ඉදිරිපත් කළා. මරදානේ පදිංචි සිද්ධියට සම්බන්ධ මුස්ලිම් ජාතික මෙම කාන්තාව විවාහක තැනැත්තියක් වන අතර, ඇය සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික අවිවාහක තරුණයාටද කස පහර ලබාදීමට සෞදි අධිකරණය නියෝග කරනු ලැබුවා. මෙම ගෘහ සේවිකාවට සමාව ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා හමුවී ඉල්ලීමක් ද කළා. එම අවස්ථාවට විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල ද සහභාගි වුුණා.
සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාව බේරාදෙන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය පසුගියදා කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට සත්‍යක්‍රියාවක ද නිරතවුණා.
Update: Friday, 04 December 2015 - 13:12
--------------------------------------------------
සෞදියේදී මරණ දඬුවමට ලක්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාවට අද ගල් ගසා මරා දැමීමට නියමිත බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසනවා. ඔහු අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනුයි මෙම අදහස් පළකලේ. මන්ත්‍රීවරයා අවධාරණය කලේ අදාළ ලාංකික කාන්තාව අද දිනයේදී මරා දැමීමට නියමිත බවට තමා නොබියව ප්‍රකාශ කරන බවයි.
2013 වසරේ ජනවාරි 9 වනදා රිසානා නෆීක් සෞදි අරාබියේදී ඝාතනය කිරීමෙන් වසර දෙකක් වැනි කාලයකදී තවත් ලාංකික කාන්තාවකට මරණ දඬුවම නියමවීම කණගාටුවට කරුණක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කලා.
ශ්‍රී ලංකාව සෞදි අරාබිය ඇතුලු ජාත්‍යන්තර රටවල් සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් තර කර ගැනීම පිළිබඳ වඩාත් අවධානය යොමුකල යුතු බව මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔහු කියාසිටියේ. අදාළ ලාංකික කාන්තාව බේරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වු සහය සෞදි බලධාරීන්ගෙන් හෝ එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ගෙන් නොලැබුනු බවට ද සුමන්දිරන් මන්ත්‍රීවරයා චෝදනා කලා.
ලෝක බලවතුන් සෞදිය වැනි රටවල් සමඟ සබඳතා තර කරගෙන ඇති අතර ශ්‍රී ලංකාව ද එම තත්වය ඇතිකර ගත යුතු බවයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කලේ.
කෙසේවෙතත් අද සෞදි අරාබියේදී පිරිසකට ගල් ගසා මරා දැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවුව ද ශ්‍රී ලාංකික කාන්තාව ඒ අතර නොවන බවයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තක්සින් ප්‍රකාශ කර ඇත්තේ. ඔහු බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින් අවධාරණය කලේ මෙම කාන්තාවට අදාළ නීතිමය කටයුතු තවදුරටත් සිදුවන බවයි. ඉදිරි දින කිහිපයේදී තානාපති නිලධාරීන්ට ඇය හමුවීමට අවස්ථාවක් ලැබී ඇති බව ද අස්මින් තක්සින් ප්‍රකාශකර තිබෙනවා.

Latest News
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026