රග්බි ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිරීමට මාස 2 ක කාලයක් ලබාදෙන ලෙස රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
කෙසේ වෙතත් අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙසයි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
එම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේ මෙම පරීක්ෂණ සඳහා යම් කාලයක් මෙන්ම අධික මුදලක් ද වැයවන බවයි.
ඊට අමතරව තාජුඞීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර ඇතුළු පිරිසට එරෙහිව වෛද්‍ය සභාව ආරම්භ කර ඇති පරීක්ෂණ තවදුරටත් අවසන්වී නොමැති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
2012 වසරේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුල පිලිස්සී මියගොස් සිටි වසීම් තාජුඞීන්ගේ මළ සිරුර හමුවුණා.
පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම මරණය රිය අනතුරකින් සිදු වූ බවට ප්‍රකාශ කළත් පසුව අනාවරණය වූයේ මෙය මිනීමැරුමක් බවටයි.
එමෙන්ම සිද්ධිය වන අවස්ථාවේදී එම ප්‍රදේශය අවට පිහිටි සීසීටීවී කැමරාවල දර්ශණ හදුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා කැනඩාවේ පිහිටි බ්‍රිටිෂ් කොලොම්බියා ආයතනයේ සේවය ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව රහස් පොලිසිය අධිකරණයට මීට පෙර දැනුම් දුන්නා.
මෙම නඩුව මැයි මස 12 වනදා යළි කැදවනු ඇති.

Latest News
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026