General18 April 2016

ෆොන්සේකාගෙන් මෙවරත් වෙනම මැයි රැළියක්

අමාත්‍ය සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවට එක්ව එහි අමාත්‍ය ධුර භාරගනු ලැබූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙවර මැයි දිනය සමරන ආකාරය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පක්ෂයෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු ලබාදුන් එහි මහ ලේකම් තිස්ස පෙරේරා කියා සිටියේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තම පක්ෂය වෙනම මැයි රැළියක් පවත්වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes