ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලහත්කාරයෙන් කෝටි 61ක මුදලක් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
ගොඩනැගිලි සමාගමක අයිතිකරුවෙකු වන ක්‍රිෂ්ණා සෙල්වනාදන් නැමැත්තාගෙන් හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අදාළ මුදල ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
එමෙන්ම සැකකාර හිටපු මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණය සහ බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මරණීය තර්ජනය කර මන්ත්‍රීවරයා අදාළ මුදල චෙක්පත් මාර්ගයෙන් ලබා ගත් බවට ඉදිරිපත් වූ පැමිණිල්ල පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
කෙසේ වෙතත්, 2015 වසරේ සිට මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බවත්, සිද්ධිය පිළිබද මේ දක්වා පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයේදී සදහන් කළා.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදිනට අදාළ ව්‍යාපාරිකයාට අධිකරණයේ පෙනී සිටින ලෙසයි දැනුම් දුන්නේ.

Latest News
රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Local
22 July 2026
දෙවුන්දර දේවාල පෙරහර හෙට: ආරක්ෂාවට පොලිසියෙන් 500ක්
Local
22 July 2026
රත්‍රං කිලෝ 4ක් සහ රුපියල් මිලියන 17ක් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට
Local
22 July 2026
සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට
Local
22 July 2026
අංශ 03කින් පදක්කම් 03ක්: ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයට ජාත්‍යන්තර ඇගයීමක්
Local
22 July 2026
''ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරනවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
22 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම ගැන අවසන් තීරණය ළඟදීම
Local
22 July 2026
වැවිලි සමාගම් තැන්පතු භාරගැනීම නීති විරෝධියි - මහ බැංකු අධිපති
Local
22 July 2026
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට - 94 වන ස්ථානයට පැමිණෙයි
Local
22 July 2026
නාවික හමුදාපති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හමුවෙයි
Local
22 July 2026