සිංහල සිනමා වංශ කතාවේ මෙතෙක් සංවිධාන කෙරුණු දැවැන්තම සම්මාන රාත්‍රිය ‘‘Hiru Golden Film Awards’’ උළෙල ඊයේ නිමාව දුටුවේ හෝ ගාන පොකුණ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානය ලබමින්.
සරත් කොතලාවල සහ කෞෂල්‍යා ප්‍රනාන්දු හොබදම නළුවා සහ නිළිය ලෙස අභිසෙස් ලැබුවා.
හෙළ සිනමාවේ මෙන්ම බොලිවුඩ් සිනමාවේ තරු කාන්තියෙන් ඔපවත් වූ හිරු ස්වර්ණමය රාත්‍රියේ සම්මාන ප්රදානය ඇරඹුණේ ජුරියේ විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමමින්.
සම්මාන පිරිනැමීමට වේදිකාවට පිවිසියේ බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි, කරීෂ්මා කපූර් සමඟ ප්‍රවීන රංගන ශිල්පිනි යශෝධා විමලධර්මයි.
බොලිවුඩ් සිනමාවේ අනාගත අස්වැන්න ලෙස සැලකෙන නීල් නිතින් මුකේෂ් ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ සමඟ වේදිකාවට පිවිසියේ හොඳම දෘෂ්‍ය ප්‍රයෝග සඳහා වන සම්මානය පිරිනැමීම සඳහායි.
මහරජ ගැමුණු චිත්‍රපටය වෙනුවෙන් චමත් පරණවිතානට වසරේ හොඳම දෘෂ්‍ය ප්‍රයෝග සඳහා වන හිරු රන් සම්මානය හිමිවුණා.
මේ අතර එම චිත්‍රපටයේ ‘‘සඳ මඩල වී ’’ ගීතය පද රචනය වෙනුවෙන් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්මානයට පාත්‍ර වෙද්දී එය ගායනා කළ නිරෝෂා විරාජිනී හිරු සම්මාන රාත්‍රියේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සම්මාන හිමිකර ගත්තා.
‘‘සිරි දළදා ගමනය’’ චිත්‍රපටයේ ‘‘බුදුන් වැඩියා වාගේ’’ ගීතය ගායනා කළ සුනිල් එදිරිසිංහ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.
ඉන් අනතුරුව , සොඳුරු නර්තන වින්‍යාසයක් සමගින් වේදිකාවට පිවිසි බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් විසින් වසරේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පිනිය වූ දිනක්ෂි ප්‍රියසාද්ට සම්මාන පිරිනැමුණා.
මේ අතර, හේමාල් රණසිංහ වසරේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පියා ලෙස සහ ප්‍රේක්ෂක රුචිකත්වයෙන් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් හි ජනප්‍රියම නළුවා ලෙස ද පිදුම් ලැබුවා.
හිරු ස්වර්ණමය රාත්‍රියේ සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය ලෙස උදාරි පෙරේරා සම්මාන ලබා ගත්තා.
ඉන් අනතුරුව සිනමා කෘති 200 කට අධික සංඛ්‍යාවක තම විශිෂ්ඨත්වය මැනවින් විද්‍යාමාන කළ බොලිවුඞ් සිනමාවේ ප්රතාපවත් රංගන පෞරුෂය වූ ජැකී ෂෙරොෆ් හෙළ සිනමාවේ වමේ ඉවුරේ මහා සිනමාකරු ධර්මසේන පතිරාජ සමඟ වේදිකාවට පිවිසියේ තවත් සුවිශේෂී සම්මානයක් පිිරිනැමීමටයි.
‘‘Hiru Golden Film Awards ’’ රාත්‍රියේ වසරේ ම බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂවරයා සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබුවේ නිලේන්ද්‍ර දේශප්‍රියයි.
බොලිවුඩයේ සුපිරි නිළි කරීෂ්මා කපූර්ගේ රංගනයේ ‘‘Hiru Golden Film Awards’’ - 2016 රාත්‍රියේ වඩ වඩාත්ම වර්ණවත් වූ අතර සිව් හැවිරිදි වියේ හොලිවුඩ් සිනමාවට පිවිස දීර්ඝ සිනමා ගමනක යෙදුණු ශ්‍රී දේවි වේදිකාවට පිවිසියේ ගත වූ දෙවසකට කාලය තුළ මෙරට සිනමාවේ නව මානයක් ප්‍රගුණ කළ නිර්මාණකරුවා ඇගයීමටයි.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සමඟ බොලිවුඩ් සිනමාවේ ප්‍රේමාන්විත දුෂ්ඨයා ලෙසින් ප්‍රකට සුනිල් ෂෙට්ටි වේදිකාවට පිවිසියේ සුවිශේෂී වූ සම්මාන ද්විත්වයක් පිරිනැමීම සඳහායි.
පුරුෂාධිපත්‍යයේ රංග ස්වභාවයෙන් සිය රංගනය සිනමාවේ ඉහළට ඔසවා තැබූ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ ප්‍රතිභා පූර්ණ රංගවේදියා මෙම සම්මාන රාත්රියේදී ජීවන ප්‍රයාම රන් සම්මානයෙන් ගෞරවාදරයට පාත්‍රා වුණා.
ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ යුග පුරුෂයෙකු වූ ආචාර්ය ඞී.බී නිහාල් සිංහයන් ද ‘‘Hiru Golden Film Awards’’ - 2016 දී රන් උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම සම්මානය ලබා ගත්තේ වෛද්‍ය කල්යානි නිහාල්සිංහ මැතිණියයි.
තාරුණ්‍යයේ ප්‍රේමනීය සිහින කුමරු නීල් නිතින් මුකේෂ් රංගන ප්‍රතිභාවෙන් ‘‘Hiru Golden Film Awards’’ වේදිකාව අතික්‍රමණය කළේ ඉන් අනතුරුවයි.
මේ අතර, හොඳම සහය නළුවා ලෙස ඇඩ්රස් නෑ චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා සමගින් හොඳම නිළිය ලෙස මහරජ ගැමුණු චිත්‍රපටයේ කුසුම් රේණු සම්මානයෙන් පිදුම් ලැබුවා.
කැමරා චලන හා ආලෝකකරණ ශිල්ප විධි ව්‍යක්ත ලෙස භාවිත කරමින් ඇඩ්රස් නෑ චිත්‍රපටයේ භාවෝත්පාදක ගුණ පූර්ණ කැමරාකරණයට වෙනුවෙන් හොඳම කැමරා අධ්යක්ෂණයට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ චන්න දේශප්‍රියයි.
‘‘Hiru Golden Film Awards’’ - 2016 රාත්‍රියේ හොඳම නිළිය රන් සම්මානය සඳහා අංජලී පටෙල්, කෞෂල්‍යා ප්‍රනාන්දු, මිචෙල් හර්ෆට් නිර්දේශ වී සිටියා.
බොරදිය පොකුණ චිත්‍රපටයේ ගෝතමීගේ චරිතය රඟපෑ කෞෂල්‍යා ප්‍රනාන්දු හොඳම නිලිය ලෙස පිදුම් ලැබුවා.
හොඳම නළුව සඳහා වන රන් සම්මානය සඳහා නිර්දේශ වුණේ කුමාර තිරිමාදුර , ජැක්සන් ඇන්තනී, නාමල් ජයසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු සහ සරත් කොතලාවලයි.
හොඳම නළුවාට හිමි සම්මානය හිමිවූයේ තන්හා රතී රගා චිත්‍රපටයේ සිරිතුංගගේ චරිතය රඟපෑ සරත් කොතලාවලයි.
රංගන ශිල්පියෙක්, තිර රචකයෙක් සහ අධ්යක්ෂවරයෙක් ලෙස හෙළ සිනමාව වෙනුවෙන් සිදුකළ උත්කෘෂ්ඨ මෙහෙවර අගයමින් ජැක්සන් ඇත්තනී මේ රාත්රියේදී ජූරියේ විශිෂ්ඨතා සම්මානයකින් පිදුම් ලැබුවා.
ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර රචනය සහ අධ්‍යක්ෂණය සඳ හා වන රන් සම්මාන ද්විත්වයම ප්‍රසන්න විතානගේට හිමිවූ අතර ‘‘Hiru Golden Film Awards’’ - 2016 සම්මාන රාත්‍රියේ හෝ ගානා පොකුණ හොඳම චිත්‍රපටය ලෙස රන් සම්මානයට පාත්‍ර වුණා.
ඒ අනුව හෙළ සිනමා වංශ කතාවේ සුවිශේෂී උත්කර්ෂවත් රාත්‍රියට සමුදුන්නේ තවත් දෙවසරකින් වඩාත් නිර්මාණාත්මක හා තාක්ෂණික හරයන්ගෙන් පිරිපුන් අතිශයින් දැවැන්ත සිනමා රාත්‍රියක යළි හමුවන අපේක්ෂාවෙන්.

Latest News
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026