General13 November 2016

උතුරේ ධීවරයන්ට ඉන්දියාව ගැන සැකයක්

ඉන්දීය රජය සහ එරට ධීවරයන්ගේ ප්‍රකාශ පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව උතුරේ ධීවර සංගම් ප්‍රකාශ කරනවා.

පසුගිය සතියේ ඉන්දියාවේ පැවති සාකච්ඡාවලදී එරට ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට බලහත්කාරයෙන් නොපැමිණෙන බවට එකඟ වූවත්, මෙතෙක් එය ඉටු වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

අදාළ සාකච්ඡාවලට උතුරේ ධීවරයන් නියෝජනය කරමින් සහභාගි වූ එම්.එන්.අලාම් කියා සිටියේ ශ්‍රී ලංකාවේ අනුකම්පාව දිනා ගනිමින් උතුරේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ඉන්දියාව සූදානම් වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes