General12 December 2016

හම්බන්තොට වරාය සේවකයන් සාකච්ඡාවක් අපේක්ෂාවෙන්

තමන් වරාය අධිකාරිය යටතට ගෙන රැකියා ස්ථීර කරන්නැයි ඉල්ලා මාගම්පුර වරායේ සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය 6 වන දිනටත් අද ක්‍රියාත්මකයි.

මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ. ඔමේෂ් සඳහන් කළේ තම ගැටළුවලට බලධාරීන් සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ අතර හම්බන්තොට වරාය සේවක සත්‍යග්‍රහය පිළිබදව සති අන්තයේදී දැඩි කතා බහක් ඇති වුණා.

ඒ, සත්‍යග්‍රහයේ නිරතව සිටි වරාය සේවකයන් විසුරුවා හැරීමට නාවික හමුදාව මැදිහත්වූ අවස්ථාවේ එම සිද්ධිය වාර්තාකිරීමට ගිය  හිරු මාධ්‍යවේදියාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමේ සිද්ධියත් සමඟයි.
Related recommendation
Hiru TV News | Programmes