General16 December 2016

යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5 දෙනා ලබන 30 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද යාපනය අතිරේක මහේස්ත්‍රාත් වී.ටී. සිවලිංගම් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා.

එහෙත්, අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය එහිදී වෙඩි තබා ඇති අතර, ඒ පිළිබදව අදාළ පොලිස් නිලධාරින් වාර්තා කර තිබුණේ නැහැ.
Related recommendation
Hiru TV News | Programmes