යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Friday, 16 December 2016 - 10:45

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5 දෙනා ලබන 30 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද යාපනය අතිරේක මහේස්ත්‍රාත් වී.ටී. සිවලිංගම් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා.

එහෙත්, අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය එහිදී වෙඩි තබා ඇති අතර, ඒ පිළිබදව අදාළ පොලිස් නිලධාරින් වාර්තා කර තිබුණේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories