            ‘අසිරිමත් නත්තල’ මිනිස්කමින් අරුත් ගන්වමින් හිරු එෆ්.එම්. ප්රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මෙදා සැරේ අපිටත් නත්තල් වැඩසටහන 08 වන වතාවටත් අද දියත් කෙරුණා. 
මේ වනවිට තෑගි බෝග රැගෙන හිරු පිරිවර ගාල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති අතර, මේ වනවිට එම තෑගිබෝග කුඩා දරුවන්ට බෙදාදීම ආරම්භ කර තිබෙනවා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි හිරු එෆ්.එම්, ෂා එෆ්.එම්, ගෝල්ඩ් එෆ්.එම්., සන් එෆ්.එම් සහ සූරියන් එෆ්.එම්. වසර ගණනක සිට මෙය සංවිධාන කරන්නේ අඩු පහසුකම් සහිතව ළමා නිවාසවල වෙසෙන දරුවන්ට ඔවුන් කැමැතිම තෑග්ග ලබාදීම සඳහායි.
ඒ පිළිබඳව දරුවන්ගේම හඬින් කළ ඉල්ලීමට දයාබර ශ්‍රාවක ජනතාවගෙන් මෙවරද ලැබුණේ දැවැන්ත ප්‍රතිචාරයක්.
ඒ අහිංසක දරුවන්ගේ ඉල්ලීමට සංවේදී සිත් ඇති හිරු ආදරණීය ශ්‍රාවකයන් ඔවුන් ඉල්ලූ දෙයටත් වඩා බොහෝ දේවල් පසුගිය දින කිහිපය පුරා ආසියානු මාධ්‍ය ජාලය වෙත සහ දිවයින පුරා පිහිටුවා තිබු තෑගි එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනවිත් දුන්නේ තම ආදායම් තත්ත්වය සලකමින් නොවේ.
ලංකාව පුරා විහිදුණු ළමා නිවාස රැසක දරුවන් වෙනුවෙන් අප එම තෑගි බෙදා දීම අද ආරම්භ කරන්නේ තිළිණ ලබාදුන් ශ්‍රාවකයන්ට තුති පුද කරමින්.
දැවැන්ත සමාජ සත්කාරයක් වන මෙදා සැරේ අපිටත් නත්තල් වැඩසටහන තුළින් ළමයින් ඉල්ලා සිටි ඔවුන් කැමතිම තෑගි පමණක් නොව තවත් බොහෝ දෑ පිරිනමන්න අප සූදානම්.
 
          Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
                            Local
                            25 October 2025
                        
                රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
                            Local
                            25 October 2025
                        
                මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
                            Local
                            25 October 2025
                        
                නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
                            Local
                            25 October 2025
                        
                ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
                            Local
                            25 October 2025
                        
                හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
                            Local
                            25 October 2025
                        
                ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
                            Local
                            24 October 2025
                        
                දකුණු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
                            Local
                            24 October 2025
                        
                "අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
                            Local
                            24 October 2025
                        
                වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
                            Local
                            24 October 2025