International20 January 2017

තමිල්නාඩු මහඇමති ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අභිබවා යාමට සැරසේ

තමිල්නාඩුවේ සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් වන ජල්ලිකට්ටු හෙවත් ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව නැවත පැවැත්වීම සදහා ආඥාවක් නිකුත් කිරීමට ප්‍රාන්ත මහඇමති පන්නීර් සෙල්වම් සැරසෙනවා.

ජල්ලිකට්ටු තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2014 වසරේදී නියෝගයක් නිකුත් කළ අතර, ඊට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත රජය අභියාචනයක් ගොනුකළා.

එහි තීන්දුව ලබාදීමට ආසන්නවද්දී ජල්ලිකට්ටු පිළිබද තමිල්නාඩුවේ නව ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තහනම අභිබවා යමින් ආඥාවක් නිකුත් කිරීම සදහා තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජිගේ අනුමැතිය ඉල්ලා ඇති බව සදහන්.

එම ආඥාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත යවා ඇති අතර, ඔහුගේ අනුමැතිය හිමිවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ තහනම නොතකා ජල්ලිකට්ටු පැවැත්වීමට තමිල්නාඩුවාසීන්ට හැකිවනු ඇති.

ජල්ලිකට්ටු නීතිගත කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු වැසියන් චෙන්නායිහි - මරීනා බීච් වෙරළ තීරයට එක්රැස්ව සිටින අතර, සුප්‍රකට සංගීතඥ ඒ.ආර්. රහුමාන් ඒ වෙනුවෙන් උපවාසයක් ද ආරම්භ කර තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes