General22 January 2017

අතුරුදන්වු සිසුන් තුන්දෙනා හමුවෙයි

ගම්පොළ දුන්හිඳ ප්‍රදේශයේදී මහවැලි ගගේ දිය නෑමට ගොස් අතුරුදන්වු ළමුන් තුන්දෙනාගේ මළ සිරුරු සොයගෙන තිබෙනවා.

නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද උදෑසන 10.30 ට පමණ සිරුරු සොයාගත් බවයි පොලාසිය සඳහන් කලේ.

ළමුන් තුන්දෙනාගේ මෘත ශරිර ඔුවන් අතුරුදන්වු දුන්හිඳ ප්‍රදේශයේම තිබී ඇතැයි සඳහන්.

මළ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.

ඊයේ සවස දිය නෑමට ගිය ළමුන් 5 දෙනෙකු අතරින් තුන්දෙනෙකුයි මෙලෙස දියේ ගිලී ඇත්තේ.

ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසැල් සිසුන් බව පොලිසිය ප්‍රකාශ  කලා.
Related recommendation
Hiru TV News | Programmes