සමයංට වෙඩි තියන්න ඔත්තුව ලැබුණේ බන්ධනාගාරයෙන්මද ? ඝාතකයින්ගේ තොරතුරු හෙට ප්‍රසිද්ධ කෙරේ

Thursday, 02 March 2017 - 18:06

%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%AF+%3F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කළුතරදී පාතාල කල්ලි නායක ‘‘සමයං’’ ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අපරාධකරුවන්ට ලැබුණේ බන්ධනාගාරය තුළින්මද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

මේ අතර, දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි වෙඩි තැබීම සඳහා පුද්ගලයින් 06 දෙනෙකු හෝ 07 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

එමෙන්ම, ඔවුන් බන්ධනාගාර බස් රථයට ඇතුළු වී මෙම ඝාතන සිදුකර ඇති බවද තහවුරු වී ඇති කරුණක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හෙට (03) මාධ්‍ය වෙත නිකුත් කිරීමටද කටයුතු කරන බවයි.

මෙම ඝාතන සැලසුම් කළ ප්‍රධාන සැකකරු සහ ඊට සම්බන්ධ සෙසු සැකකරුවන්ගෙන් බහුතරයක් මේ වනවිට හඳුනාගෙන අවසන් බවද පොලීසිය ප්‍රකාශ කළා.

ඔවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් විදේශ ගතවීමට සූදානම් බවට ලද තොරතුරකට අනුව කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories