සෝමාලියානු මුහුදේදී ග්‍රහණයට ගැනුණු ඒරිස් 13 නෞකාව සහ එහි සිටින ශ්‍රී ලාංකික නාවිකයින් මුදාගැනීම සඳහා සෝමාලියානු ආරක්ෂක අංශ මේ වනවිට එම නෞකාව වටලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
අදාළ නෞකාව සෝමාලියාවේ අර්ධ පාලන රාජ්‍යයක් වන පුන්ට්ලන්ඩ් හි අලූලා වරාය නගරයට එපිටින් නැංගුරම් ලා ඇති බවයි සෝමාලියානු නාවික පොලිසියේ අධ්යක්ෂ ජෙනරාල් අබ්ඩිරහමන් මොහොමඩ් හසන් උපුටා දක්වමින් එම පුවත් සේවය ප්‍රකාශ කළේ.
නෞකාව නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් අදාළ අර්ධ පාලන රාජ්‍යයේ වැඩිහිටි පුද්ගලයින් ඊට යොමුකර ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ඊට අවනත නොවුනහොත් නෞකාව මුදා ගැනීම සඳහා ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බවයි සෝමාලියානු නාවික පොලිසියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත්, අද (16) පස්වරුවේ වාර්තා වූයේ ඒරිස් 13 නෞකාවට සැපයුම් රැගෙන ගිය යාත්‍රාවක් නතර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අවස්ථාවේදී එම නෞකාවේ සිටි කොල්ලකරුවන් ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
සෝමාලියානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැපයුම් රැගෙන පැමිණි යාත්‍රාව පළාගොස් තිබෙනවා.
ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාව වෙත ඉන්ධන රැගෙන යමින් සිටියදී මෙම නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව අදට දින 04 ක්.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් එය ග්‍රහණයට ගෙන ඇති බවත්, නෞකාව මුදා හැරීම සඳහා කප්පම් මුදලක් ඉල්ලා ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ නෞකාවට නාවිකයින් සැපයූ නෞකා නියෝජිතායතනයේ ප්‍රධානී ටිරෝන් ප්‍රනාන්දු කියා සිටියේ මේ වනතෙක් කිසිදු කප්පම් මුදලක් කොල්ලකරුවන් ඉල්ලා නොමැති බව නෞකාවේ හිමිකරු දැනුම් දී ඇති බවයි.
එවැනි කප්පම් මුදලක් ඉල්ලා සිටියහොත් එය ලබාදීමට නෞකාවේ හිමිකරු කැමැත්ත පළ කර ඇති බවද ඔහු කියා සිටියා.
වැඩ බලන වරාය හා නාවුක කටයුතු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවට නෞකාවේ සිටින නාවිකයින්ගේ ඥතීන් පිරිසක්ද එක්ව සිටියා.
මාධ්‍ය හමුවට පෙර ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසද්දී ඔවුන් දැඩිව සංවේදී වූ අතර, මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු වැඩ බලන වරාය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමද කියා සිටියේ නෞකාව මුදාහැරීම සඳහා කප්පම් ඉල්ලා ඇති බවට මෙතෙක් ස්ථිර වශයෙන් වාර්තා වී නොමැති බවයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙ සිද්ධිය සම්බන්ධයේ අදහස් පළ කළා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සඳහා ඉතියෝපියාවේ සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයා සෝමාලියානු රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
මේ අතර සෝමාලියාවේදී පැහැර ගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් රැගත් නෞකාවේ සිටින කපිතාන් ඇන්තනී නිකලස් මහතා සහ නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා දුරකථනය ඔස්සේ අප අමතමින් සඳහන් කලේ තමන් ඇතුළු 8 දෙනා නිරුපද්‍රිතව සිටින බවයි.
එමෙන්ම ඔවුන් සඳහන් කලේ තමන්ට මෙම අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ සෝමාලි ආරක්ෂක අංශ නෞකාව අවටින් ඉවත්කර ගැනීම බවයි.
මේ අතර පැහැරගත් නෞකාවේ කපිතාන්වරයා හිරු ඔස්සේ කල ඉල්ලීම පිළිබඳ සෝමාලියා රජය දැනුවත් කර කඩිනම් පියවර ගන්නා බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියාසිටියේ.

Latest News
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Local
05 June 2026
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026