General06 April 2017

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලංගම බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ අතර 27 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයේදි ලංගම බස් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.

කඩුවෙල සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය තුළ එක්වරම දුමක් පැතිරයාම හේතුවෙන් එහි රියදුරු බස් රථය නවත්වා මගීන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ දකුණු පස එක් රෝදයක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂණය කළ බවයි එහි සිටි මගියෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.

කෙසේ වෙතත් මගීන් සහ අධිවේගී මාර්ගයේ හදිසි ගිනි නිවීම් ඒකකය එක්ව මේ වනවිට ගින්න නිවා දමා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes