මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් යට වූ නිවෙස්වල සිටි පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතරදෙනෙකු වන බවයි.
ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමයින් හතරදෙනෙකු ද වන බව සඳහන්.
එමෙන්ම, ඊයේ දිනයේ කුණු කන්දට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අතර, තවදුරටත් එහි පුද්ගලයින් හත්දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මීතොටමුල්ල - දහම්පුර ප්‍රදේශයේ නිවාස රැසක් ඊයේ ගිලා බැසීමට සහ ආපදාවට ලක්වුණා.
නිවාස 40 කට වැඩි සංඛ්‍යාවකට එහිදී හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.
කුණුකන්ද කඩාවැටීමෙන් යටවූ නිවාස තුළ සිර වූ බවට පැවසෙන පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ත්‍රිවිධ හමුදාවේ 400 කට ආසන්න බලඇණියක් ඇතුළු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ගිනි නිවන හමුදාව සහ සහන කණ්ඩායම්ද ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මෙම සිද්ධියෙන් විපතට පත් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් මීතොටමුල්ල - රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළා.
මේ අතර, එම ස්ථානයට පැමිණි අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි ඇතුළු පිරිසකටද ප්‍රදේශවාසීන් ඊයේ විරෝධය පළ කළා.
එසේම පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයාද ඊයේ එම ස්ථානයටද පැමිණ අදාළ කටයුතු නිරීක්ෂණය කරනු ලැබුවා.
රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සහන කටයුතුවලට බාධා වන නිසා එම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසයි.
මේ අතර, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබුණා.

Latest News
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026