මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, මියගිය තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගැනීමත් සමගයි.
ඒ අනුව පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු සහ කාන්තාවන් හතරදෙනෙකු කුණුකන්ද කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කුඩා පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකුද මියගිය පිරිසට ඇතුළත්.
මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා.
ඒ, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුලූ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
විපතට පත්වූවන්ට ඉදිරියේදී වන්දි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් විනාශයට පත්වූ නිවාසවල බඩු බාහිරාදිය ආරක්ෂක අංශවල සහයෙන් ඉවත්කරගන්නා ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විපතට පත්වූවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
විනාශයට පත්වූ නිවාසවල සුන්බුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා එහි මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත්තේ.
අමාත්‍යවරයා අද උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
ආපදාවට ලක්වූ නිවාස දින දෙකක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කර ඒවායේ පදිංචිව සිටි ජනතාවට ප්‍රදේශයේ පාසල් සහ විහාරස්ථානවල තාවකාලික නවාතැන් සළසන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
අමාත්‍ය සාගල රත්නායක, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත සමග සාකච්ඡාවකද නිරතවුණා.
එහිදී සහන සේවා මෙහෙයුම් සිදුකළ යුතු ආකාරය පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා.
එමෙන්ම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද ජපානයේ සිට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වූ බව සඳහන්.
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමේ සිද්ධියෙන් තුවාල ලැබූ හත්දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
නිවාස 145 කට කුණු කන්ද කඩාවැටීමෙන් හානි සිදුව ඇති අතර, පවුල් 180 කට අයත් පුද්ගලයන් 625 දෙනෙකු අවතැන්වී තිබෙනවා.
අවතැන්වූවන්ට තාවකාලික නවාතැන් ලබාදී ඇත්තේ කොළොන්නාව - ටෙරන්ස් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජා ශාලාවලයි.
ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටියේ ත්‍රිවිධ හමුදාවේ 500 කට වැඩි බලකායක් මෙන්ම ගිනි නිවන හමුදාව සහ සහන කණ්ඩායම්ද ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට එක්ව සිටින බවයි.
ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් බෙල් 212 සහ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා තුනක්ද අවශ්‍යතා මත යෙදවීම සඳහා සූදානම් කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළා.
මීතොටමුල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට කණගාටුව පළ කර තිබෙනවා.
එමෙන්ම මෙවන් විපතක් නැවත ඇති නොවීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවටයි එහි සඳහන් වන්නේ.
නිවාස අහිමිවීමෙන් විපතට පත්වූ සියලූ පවුල් සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් වහාම ලබාදෙන ලෙසද මීතොටමුල්ලේ කුණුකන්ද අවට පදිංචි වී සිටින අයගේ ගැටළු වහා විසඳීමට පියවර ගන්නා ලෙසද එම නිවේදනය මගින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කර සිටිනවා.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය අද එම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී අදහස් දැක්වූ එහි සංවිධායක නීතීඥ නුවන් බෝපගේ කියා සිටියේ ඉදිරියේදී මීතොටමුල්ල ප්‍රදේශයට කසළ බැහැර කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.
........................................update 2017-04-15 (11.26 am)
update - මීතොටමුල්ල සිද්ධියෙන් පුද්ගලයින් 625 ක් අවතැන්
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් නිවාස 145 ක හානි සිදුවී පවුල් 180 ක් අවතැන්ව ඇතිබව පොලිසිය පවසනවා.
ඒ අතර පුද්ගලයින් 625 ක් සිටින බවයි වාර්තාවන්නේ.
........................................ update 2017-04-15 (11.21 am)
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදු වූ හානිය මෙන්න (ඡායාරූප)
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් යට වූ නිවෙස්වල සිටි පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
පොලීසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතරදෙනෙකු වන බවයි.
ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමයින් හතරදෙනෙකු ද වන බව සඳහන්.
එමෙන්ම, ඊයේ දිනයේ කුණු කන්දට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අතර, තවදුරටත් එහි පුද්ගලයින් හත්දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවී ඇති හානිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඡායාරූපයට ගෙන තිබෙනවා.
එම ඡායාරූප පහතින්.

Latest News
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026
ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්
Local
14 June 2026
දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් රාගම සහ මොරටුවෙන් කොටු
Local
14 June 2026
පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය
Local
14 June 2026
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026