General24 August 2017

ද්විත්ව පුරවැසිභාවය ඇත්තේ ගීතාට පමණක් බව ආගමන විගමන පාලක තහවුරු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර, ද්විත්ව පුරවැසිභාවයක් හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහට පමණක් බව ආගමන විගමන පාලකවරයා තමන් වෙත දන්වා සිටි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය කාල සීමාවේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වූ බැවින් ඒ පිළිබදව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තමන් විමසූ බවයි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථවේදී ඊට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා එය තහවුරු කළ බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes