General29 August 2017

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය ශ්‍රී ලංකාවට

කොළඹ දී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් දිවයිනට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා.

‘‘සාමය, ප්‍රගතිය සහ සශ්‍රීකත්වය’’ යන තේමාව යටතේ මෙම දෙදින සමුළුව බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී ආරම්භ වන අතර, රටවල් 35ක නියෝජිතයන් ඊට සහභාගි වනු ඇති.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරිය මෙන්ම සී - ෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමුළුව සමාරම්භයට එක්වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුව සුභාශිංසන පණිවුඩය ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
Related Recommends
Hiru TV News | Programmes