ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු ඉතා නිරවද්‍යව අර්ජුන් අලෝසියස් මහතා වෙන්දේසිය සිදුවන දිනයේ දැන සිටි බව බැඳුම්කර කොමිසමේදී අද හෙළිවුණා.
ඒ, සමාගම විසින් විනාශ කර තිබී පසුව සොයා ගැනුණු හඬ පට කොමිසම හමුවේ ශ්‍රවනය කිරීමට සැලැස්වූ අවස්ථාවේදී.
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පරිශ්‍රයේ අද වෙනදාට වඩා ආරක්ෂාව තර කර තිබුණේ සාක්ෂි විමසීම අවසන් අදියරේ ඇති බවට සඳහන් කරමින් කොමිසම කළ ඉල්ලීමක් අනුවයි.
යුද හමුදාවේ මැදිහත්වීමෙන් සාක්ෂි තැන්පත් කිරීම සඳහා රැගෙන ආ සේප්පුවක් ද කොමිසමේ තැන්පත් කළේ දොඹකරයක ආධාරයෙන්.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් සල්ගාදු මහතා සාක්ෂි කූඩුවේ සිටියදී ඔහු හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අතර ඇතිවූ දුරකථන සංවාදයෙ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රවනය කරීමට සැලැස්වූවා.
කෝප් කමිටුවට තමන් ලබාදුන් ප්‍රකාශය ඇතුළත් ලේඛනය අධිපතිවරයාට ලබාදීම සඳහා අර්ජුන් අලෝසියස්ගෙන් ලබාගන්නා ලෙස කසුන් පලිසේන මහතා එහිදී සාක්ෂිකරුට උපදෙස් ලබා දෙනවා.
අදාළ ලේඛනය අර්ජුන් ඇලෝසියස්ට ලබාදී ඇත්තේ කෝප් කමිටුවේ එවක සාමාජිකාවක් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුතණුවන් වන කනිෂ්ක සේනානායක මහතා විසින් බව සාක්ෂිකරු සඳහන් කළා.
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවක් වූ 2016 වසරේ මාර්තු මස 29 වැනි දින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන් අතර ඇතිවූ දුරකථන සංවාද අනතුරුව කොමිසම හමුවේ වාදනය කළා.
එදින බැඳුම්කර නිකුතුවට තැබිය යුතු ලංසු මුදල හා පොලී අනුපාතය ආදී සියලු උපදෙස් අර්ජුන් ඇලෝසියස් මහතා කසුන් පලිසේන මහතාට එහිදී ලබා දෙනවා.
අර්ජුන් ඇලෝසියස් ඉතා විශ්වාසයෙන් එහිදී පවසන්නේ තමන්ගේ බලවත් මිතුරා නිශ්චිත පොලී අනුපාතයකට ලංසු තබන ලෙස පැවසූ බවයි.
එම බලවත් මිතුරා කවුදැයි ඇලෝසියස්ගේ සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරීවරයාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්නකළ විට ඔහුගේ පිළිතුර වුයේ එම අවසන් අගය තීරණය කරනු ලබන්නේ මහ බැංකු අධිපති බවයි.
එවක මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන් බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල යන රාජ්‍ය ආයතන ලංසු තබන මුදලද නිශ්චිතවම අර්ජුන් ඇලෝසියස් දැන සිටි බව දුරකථන සංවාද උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පැවසුවා.
මෙලෙස මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු දැන සිටි අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015, 2016 වර්ෂවලදී ලැබූ අසාමාන්‍ය ලාබය රුපියල් බිලියන 11 ක් බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කොමිසමේ විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අර්ජුන් මහේන්ද්‍රන්ට කැඳවීමක් නිකුත් කර තිබුණද ඔහුව මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් එය ලබාදීමට නොහැකි වූ බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඔහුව සොයා ගැනීමට සහය වන්නැයි අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගෙන් ඉල්ලීමක් කළ කොමිසම පැවසුවේ ඔහුගේ ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දෙකේ අංක ලබාදෙන ලෙසයි.

Latest News
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026