General08 November 2017

පරාක්‍රම සමුද්‍රයේ වැව් ඉස්මත්තේ තිබූ ජීව උණ්ඩ තොගයක් සොයාගැනේ (ඡායාරූප)

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් ඉස්මත්තේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගත් බව පොලොන්නරුව පොලිසිය පවසනවා.

අද (08) පෙරවරුවේ පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් එම ස්ථානයේ ඩෙංගු මර්දන ශ්‍රමදාන කටයුත්තක නියැලෙමින් සිටියදී මෙම උණ්ඩ තොගය දැක තිබූ බවයි වාර්තා වන්නේ.

පසුව ගුරුවරුන් සහ සිසුන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා.

පොලිසිය පැවසුවේ ටී 56 වර්ගයේ ගිනි අවියක් සඳහා භාවිත කිරීමට හැකි උණ්ඩ 126ක් එම ස්ථානයේ තිබූ බවයි.

එම උණ්ඩ මළ බැඳී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොලොන්නරුව පොලිසිය මගින් ක්‍රියාත්මකයි.



ඡායාරූප - පොලොන්නරුව රොෂාන් තුෂාර තෙන්නකෝන්
Related recommendation
Hiru TV News | Programmes