ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ පිහිටි සුඩකුඩා දාගැබ විනාශ කළ පුද්ගලයින් හදුනාගෙන ඇති බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති අමරපුර සිරි සද්ධර්මවංශ මහානිකායේ අනුනායක ධුරයට පත් කළ ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශ හිමියන්ට අක්තපත්‍ර ප්රදානය කිරීමේ උත්සවයකට ඊයේ එක්වෙමින්.
එම අවස්ථාවට පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ද එක්ව සිටියා.
මෙම දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන එහි ගවේෂණ කටයුතු ආරම්භ කිරීම සදහා දින නියම කර තිබුණා.
එලෙස තිබියදී කිසියම් පිරිසක් විසින් පසුගියදා මෙම දාගැබ පිහිටි භූමිය සම්පූර්ණයෙන්ම ඩෝසර් කර විනාශයට පත් කර තිබුණා.
ඒ පිළිබදව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අදහස් පළ කරමින් කියා සිටියේ
‘‘ අද වෙනතුරු මම දැක්කේ නෑ එක මැති ඇමතිතුමෙක් මේ ගැන කතා කරනවා තියෙනවයි කියලා. ඇයි මොකටද මේවා ඩෝසර් කරන්නේ. කවුද මේවා ඩෝසර් කරන්නේ. මේ රටේ බෞද්ධ උරුමය වළලලා දාන්න. මෙතන හාමුදරුවරු කතා කරන්නේ නැත්නම් බුද්ධ ශාසන ඇමතිතුමෙක් කවුද කතා කරන්නේ. කතා කරන්නේ නෑ. එක එක කයි කතන්දර කියලා මේවා වහන්න වෙන්නේ නෑ ’’
ඉන් අනතුරුව අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ අංශ සමග සාකච්ඡා කළ බවයි.
එහිදී පොලීසිය විසින් ඊට අදාළ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව සඳහන් කළ බවද කථානායකවරයා එහිදී කියා සිටියා.

Latest News
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් අද මැතිසබයට
Local
08 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතියේ පාර්ලිමේන්තුවට
Local
08 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
08 September 2026
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026