General02 January 2018

මීතොටමුල්ල කුණු කන්දේ ගින්නට හේතුව

මීතොටමුල්ල කසල කන්දේ ඊයේ හට ගත් ගින්න රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බවට සැක පළ වනවා.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ දීර්ඝ කාලයක් මුළුල්ලේ එම කසල කන්ද පැවැත්වීම නිසා මීතේන් වායුව නිපදවීමත් සමග ගින්න හට ගත් බවට සැක කරන බවයි.

කසල කන්දේ ගිනි ගැනීම ඊයේ පස්වරු 3 වනවිට පාලනය කළ ද, තවදුරටත් විටින්විට ඉන් දුමාරයක් මතුවන බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

මේ පිලිබදව පරීක්ෂණ පවත්වන ලෙස රජයේ රස පරීක්ෂක කාර්යාලය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු පාර්ශව කිහිපයකටම පොලීසිය දැනුම්දී තිබෙනවා.

පවතින තත්ත්වයත් සමග මීතොටමුල්ල කසල කන්ද අවට මේ වනවිටත් විශේෂ පොලිස් කණ්ඩායමක් රාජාකාරි කටයුතුවල යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes