ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දින 10 ක් ක්‍රියාත්මක වූ හෙද වර්ජනය අද (12) පෙරවරුවේ අත්හිටුවනු ලැබුවා.
ඒ රෝහල් බලධාරින් සහ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
දෛනික රාජකාරියට වාර්තා කිරීමේ දී ඇඟීලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කෙරුණේ පසුගිය බදාදා දිනයේදීයි.
ඇඟීලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක නොකරන ලෙස හෙද සංගම් එහිදී ඉල්ලා සිටියා.
ජයවර්ධනපුර රෝහලේ ආරම්භ කළ මෙම වර්ජනයට සහය දක්වමින් ඊයේ (11) දිනයේදී කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද නිලධාරින් ද සංකේත වර්ජනයක් ද ආරම්භ කළා.
පැය 24 ක් පුරා පැවති මෙම සංකේත වැඩවර්ජනය අවසන් වූයේ අද පෙරවරු 7 ටයි.
අද (12) පෙරවරුවේ රෝහල් බලධාරින් සහ හෙද සංගම් අතර පැවති සාකච්ඡාවේදී ඇඟීලි සලකුණු ක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණා.
එමෙන්ම, ප්‍රායෝගික ගැටලූ සම්බන්ධයෙන් වන සාකච්ඡා, අමාත්‍යාංශ කමිටුවක් මගින් සිදුකිරීමට ද තීරණය වී තිබෙනවා.
මෙම එකඟතාව තම සංගමයට ලිඛිතව ලැබීමෙන් අනතුරුව, වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි කරුණු පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්නගෙන් ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඇඟීලි සලකුණු ක්‍රමය තාවකාලිකව ඉවත් කර ගැනීමට එකඟත්වය පළ කළ බවයි.

Latest News
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම 24 තෙක් කල් තැබෙයි
Local
18 June 2026
ගොවියා රජ කරවනවා කියා බලයට පත් වූ රජය අද ගොවි ජනතාව විනාශ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
18 June 2026
බිස්නස්වලට යැයි කියා කෝටි 5ක් වංචා කළ හොර දොස්තර නෝනා අත්අඩංගුවට
Local
18 June 2026
යුක්රේනය මොස්කව් තෙල් පිරිපහදුවකට ප්‍රහාර එල්ල කරයි
Local
18 June 2026
පාස්කු ප්‍රහාරයේ FBI විමර්ශන සාක්ෂි ලබා ගැනීමට අමෙරිකාවට අයැදුම් කර තිබේදැයි එජාපය රජයෙන් ප්‍රශ්න කරයි
Local
18 June 2026
''ඩෙංගු රෝගීන් 10ක් වනතුරු දුම් නොගහන ප්‍රාදේශීය සභා මානසිකත්වය රජය වහා වෙනස් කළ යුතුයි'' - නාමල් රාජපක්ෂ
Local
18 June 2026
තෙල්දෙණියේ දී ඝාතනය වූ තරුණියගේ පෙම්වතාව පොලිසියෙන් සොයයි
Local
18 June 2026
ගෝඨාභයගේ පෙත්සම් විභාගය ඇරඹේ
Local
18 June 2026
තෙල්දෙණියේ මෝටර් රථයකින් හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු එළියට
Local
18 June 2026
ගිවිසුම් කඩ කළොත් යළි පහර දෙන බවට ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
Local
18 June 2026