General09 March 2018

බැසිල්ගේ මල්වානේ ඉඩමේ නඩුව මැයි 7 දක්වා කල් යයි

ගම්පහ - මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 250 ක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද විභාගයට ගැනුනා.

ඒ, ගම්පහ මහාධිකරණයේදීයි.

මෙහිදී දේශපාලනඥයින්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි නිසාවෙන් මෙම නඩුව විභාගයට නොගෙන ඉවත දමන ලෙසයි බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත දමමින් අදාළ නඩුව විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීරණය කළා.

මෙහිදී අදාළ ඉඩම් ඔප්පු ගනුදෙනුව සිදුකළ නොතාරිස්වරයාගෙන්ද සාක්ෂි ලබාගත් අතර, වැඩිදුර විභාගය සඳහා නඩුව ලබන මැයි මස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළා.
Related Recommends
Hiru TV News | Programmes