General06 June 2018

නීතිවිරෝධීව මුදල් තොගයක් රටින් පිට කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට (ඡායරූප)

විදේශීය සහ මෙරට මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ඊයේ (05) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

50 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (05) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව යාමට සූදානම් ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු පැවසුවේ .

සැකකරු විසින් ශ්‍රී ලංකා රුපියල් 35,0000 ක්, ඇමෙරිකානු ඩොලර් 8,000 ක් සහ මැලේසියානු රිංගිට් 2,000ක් තම ගමන් මල්ලේ සඟවා ගෙන මෙලෙස රටින් පිට කිරීමට උත්සහ දරා ඇති බව සඳහන්.

මෙලෙස සොයාගත් මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 17ක් පමණ වන බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

මෙම ඉරාන ජාතිකයා මෙරට කැසිනෝ ක්‍රීඩාකර ඉන් උපයාගත් මුදල් මෙලෙස රැගෙන යාමට උත්සහ දැරූ බව ඔහු රේගුව හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.



ඡායරූප - කටුනායක, ටී.කේ.ජී.කපිල
Related recommendation
Hiru TV News | Programmes