ප්‍රදේශ කිහිපයක මුහුදේ සුළං වේගය ඉහළට - ධීවරයින්ටත් උපදෙසක්

Tuesday, 02 October 2018 - 11:26

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මාතර සිට පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට මීගමුව දක්වා ධීවරයින්ට හෙට උදෑසන 06 දක්වා මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සියලූ යාත්‍රා හිමියන් මේ පිලිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර, පුත්තලම, ආනමඩුව, ආඩිගම සහ මදවක්කුලම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ හමාගිය තද සුළඟකින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

එමෙන්ම, ආපදා හේතුවෙන් විපතට පත්වූවන් රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබාදීමට  කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

ඉදිරි දින කිහිපයේදීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ මධ්‍යම,ඌව, සබරගමුව, බස්නාහිර, වයඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක කියා සිටියේ.

ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල හිනිදුම ප්‍රදේශයටයි. එය මිලිමීටර 141යි දශම 05ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories