මේ වසරේ ගත වු මාස 10 තුළ දුම්රියේ ගැටී වනඅලි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ද දුම්රියේ ගැටී වනඅලි 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඊයේ (09) රාත්‍රියේ ද වැලිකන්ද සහ පූනෑව අතරතුරදී දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටී වනඅලීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය මස 18 වනදායි.
පසුගිය 6 වනදා රාත්‍රියේ ද පොළොන්නරුව - වැලිකන්ද - නාමල්ගමදී වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
වනජිවි නිලධාරින් චෝදනා කළේ වනඅලි ගැවසෙන ප්‍රදේශවලදී දුම්රිය වේග සීමා නොතකා ධාවනය කිරීමෙන් මෙම අනතුරු සිදුවන බවටයි.
හබරණ - හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව - වැලිකන්ද අතර මෙම අනතුරු බහුල වශයෙන් සිදුවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
එම ප්‍රදේශවලදී දුම්රිය වේග සීමාව පැයට කිලෝමීටර් 40 ලෙස මාර්ගයේ සලකුණු කර තිබුණ ද වේග සීමා පාලනය නිසි ලෙස සිදු නොවන බවද ඔවුන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සදහන් කළේ වේගයෙන් ධාවනය වන දුම්රියක එකවර වේගය පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
අලි ගැවසෙන ස්ථාන පිළිබදව පෙර දැනුම්දීමක් සිදුකරනවා නම් එම අනතුරු අවම කර ගත හැකි බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

Latest News
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026
ඩෙංගු අධිඅවදානම් කලාප 60ක මදුරු මර්දන මෙහෙයුමක්
Local
12 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
Local
12 July 2026