General26 December 2018

ෂීසෙල්ස් සිට තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් අද දිවයිනට

ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව තිබූ තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් හයදෙනෙකු ෂීසෙල්ස් රාජ්‍යයේ සිට අද දිවයිනට පැමිණෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 708 දරණ යානයෙන් ඔවුන් උදෑසන කටුනායක - ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්‍ෂ පද්මප්‍රිය තිසේරා ප්‍රකාශ කළේ බහුදින යාත්‍රාවලින් වෙනත් රටවලට සංක්‍රමණය වන ධීවරයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවයි.

 
Related recommendation
Hiru TV News | Programmes