දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මියගිය 45 දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි.
මීගමුව රෝහලේ මළ සිරුරු 62 ක් මඩකලපුව රෝහලේ සිරුරු 27 ක් සහ රාගම රෝහලේ සිරුරු 7ක් තැන්පත් කර ඇතැයි සඳහන්.
කොළඹ ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර විදේශිකයන් 9 දෙනෙකුගේ ද සිරුරු වනවා.
තුවාල ලැබු 250කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් බලධාරීන් කියාසිටියේ.
මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පිපිරීම් සිදුවූ කොටහේන කොච්චිකඩේ දේවස්ථානය නිරීක්ෂණය කළා.
මේ අතර පිපිරීම් සිදුවූ ස්ථාන අසළට යාමෙන් වළකින ලෙසත්, කටකතා නොරැවටී පරීක්ෂණවලට සහයවන ලෙසත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඉල්ලීමක් කළා.
අද සිදුවූ පිපිරීම් හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මතුව ඇති තත්ත්වයත් සමඟ වඩාත් සන්සුන්ව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
ඒ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පිපිරීම් සිදුවූ ස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
විමර්ශන සඳහා සහයෝගයක් ලෙස පිපිරීම් සිදුවූ ස්ථානවලින් ඉවත්වන ලෙසද එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර කොටහේන දේවස්ථානයේ සිදුවූ පිපිරිම මෝටර් රථයක ඉදිරිපස සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්.

Latest News
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි
Local
21 October 2025

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්‍රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025