ජනපති සමාව හිමිවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගියා.
උන්වහන්සේ අනතුරුව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට නියමිත බවයි එම ස්ථානයට පැමිණ සිටි සිංහලේ අපි ජාතික සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ප්‍රකාශ කළේ.
ඥාණසාර හිමියන් නිදහස් කිරීමේ ජනපති නියෝගය අද තමන් වෙත ලැබුණු බව ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් ද හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණය තුළ කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය වාර්තාවුණේ 2016 වසරේ ජනවාරි 25 වනදායි.
එම සිද්ධිය සම්බන්ධයෙන් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස වර්තමානයේ කටයුතු කරන රංග දිසානායක, ඥාණසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ චෝදනා 4 ක් යටතේ පැමිණිල්ලක් ගොනු කළා.
ඒ පිළිබඳ වසරකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම චෝදනා 4 ටම වරදකරු කරමින් අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19 ක බරපතල වැඩ සහිත සිර ද`ඩුවමක් නියම කළා. ඒ, එම සිරදඩුවම වසර 6 කින් ගෙවී යන ලෙසයි.
දඩුවම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඥාණසාර හිමියන් විසින් ගොනුකළ ඇපෑල ප්‍රතික්ෂේප වූ අතර, පසුව උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කළා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 5 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම කැඳවූ අතර, එහිදී විනිසුරු මඩුල්ල තීරණය කළේ එම අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි.
ඒ අනුව තම දඩුවම ලිහිල් කරගැනීම හෝ අහෝසි කරගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට තිබූ අධිකරණමය අවස්ථා සියල්ල අවසන් වුණා.
මේ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී 2016 ජනවාරි 25 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියටද වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 6 කින් ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඩුවමක් පනවනු ලැබුවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ ගොනුකළ අභියාචනයකට අනුව අදාළ සිරදඩුවම වසර 5කට අත්හිටුවීමටයි අධිකරණය නියෝග කළේ.
ඒ වනවිටත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිර දඩුවමක් විඳිමින් සිටි බැවින් උන්වහන්සේ තවදුරටත් බන්ධනාගාර ගත කෙරුණා.
පසුව බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ඥාණසාර හිමියන්ගේ මව අවස්ථා කිහිපයකදීම ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළා.
ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේට ඇප ලැබෙනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් ඊයේ ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකයි.
ඒ අනුව අද පස්වරුවේ සිටම වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සහ ඒ අවට උන්වහන්සේට නිදහස හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් රැස්ව සිටියා.

Latest News
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
Local
29 August 2026