හිස්බුල්ලා සෞදි ජාතිකයින් පිරිසක් හමුවීම ගැන සී.අයි.ඩී.යෙන් විමර්ශනයක්

Monday, 03 June 2019 - 12:45

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සෞදි ජාතිකයන් පිරිසක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙහි සිටි සෞදි ජාතිකයන් තුන් දෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිලිබඳව තොරතුරු ලැබී ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින එනම් අප්‍රේල් මස 22 වනදා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අදාල හෝටලය වෙත පැමිණ ඇත්තේ.

රාත්‍රි 9යි 12ට සිය ආරක්ෂක නිලධාරීන් සමඟ පැමිණෙන ආණ්ඩුකාරවරයා පැයකට ආසන්න කාලයක් හෝටලයේ සිටි සෞදි ජාතිකයින් පිරිස හමුවී තිබෙනවා.

මෙම සෞදි ජාතිකයින්ගේ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති අතර ඔවුන් මෙරටට පැමිණ සිදු කළ ක්‍රියාකාරකම් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ඔවුන්ව හමුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි මඩකලපුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories