General25 June 2019

හිටපු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතකයෙකු මිය යයි

හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දා මිය ගොස් ඇති බවයි.

62 හැවිරිදි සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබුණා.

ඔහු 2012 වසරේ ජනවාරි මස 24 වන දින සිට රිමාන්ඩ් භාරයේ සිටින අයෙක්.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් 2005 වසරේ අගෝස්තු මාසයේදී ඝාතනය කෙරුණා.

Related recommendation
Hiru TV News | Programmes