පැහැරගත් බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට ලබන 9 වනදාට පෙර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
එතෙක් ඇයට විදේශ ගතවීමද තහනම් වන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.
එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නිලධාරිනිය සහ ඇයගේ සැමියා මෙන්ම දරු දෙදෙනා මේ වනවිට රැඳී සිටින ස්ථානය හෝ ඔවුන්ගේ අනන්‍යතාවය අනාවරණ කිරීම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ බවයි.
පසුගිය 25 වැනිදා සිය දරුවන් ඉගෙනුම ලබන පාසලට යන බව පවසා අදාළ නිලධාරිනිය තානාපති කාර්යාලයෙන් පිටව ගොස් ඇති බවත්, ලද පැමිණිල්ල අනුව මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් පරීක්ෂා කළ බවත්, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහිදී එම නිවස වසා දමා ඇති බවට අනාවරණ වූ බැවින් ඇයගේ මව පදිංචි නිවස වෙත ගොස් විමසීමක් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.
එම නිලධාරිනියගේ මෙන්ම පෞද්ගලික බැංකුවක සේවය කරන ඇයගේ සැමියාගේද ජංගම දුරකතන මේ වනවිට විසන්ධි කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිල්ලෙන් පෙන්වා දී ඇති කරුණු සත්‍ය නම් එය පෞද්ගලික සිද්ධියක් නොව ශ්‍රී ලංකා රජයටත් බලපාන දැඩි ප්‍රශ්නයක් වනු ඇති බව මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
එම පැමිණිල්ලේ කරුණු 100% ක් සත්‍යද යන්න මෙන්ම එම නිලධාරිනිය කිසියම් පිරිසක් විසින් මෙහෙය වන්නේද යන කරුණ අනාවරණ කර ගැනීමට නම් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අනිවාර්ය කරුණක් බවයි නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අවධාරණය කළේ.
යම් හෙයකින් ඇය විදේශගත වුවහොත් සත්‍ය අනාවරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත්, එය රටට විශාල කැළලක් වනු ඇති බවත් එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළා.
එබැවින් එම නිලධාරිනිය විදේශගත වීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අදාළ නිලධාරිනියට ලබන 09 වැනිදා දක්වා විදෙස් ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර, ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද නියෝග කළා.
එමෙන්ම, ලබන 09 වැනිදා පැමිණිල්ල යළි කැඳවීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
මේ අතර, ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතවීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් ඉදිරිපත් කර ඇති අයදුම්පත් භාරගැනීම එම තානාපති කාර්යාලයේ දැනුම්දීම මත තාවකාලිකව නතර කර ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා වැඩම කිීරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට අද පෙරවරුවේ එම කාර්යාලයට පැමිණි අවස්ථාවේදියි.
මේ අතර සිංහලේ ජාතික සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අදාළ සිද්ධිය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් පැමිණිලි කළා.

Latest News
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026