සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට ඔහු 57 හැවිරිදි වියේ පසුවූ අතර, මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින්, මන්ත්‍රීවරයාව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පසුගියා යොමු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා 1997 වර්ෂයේදී අටකලන්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.
පසුව 2004 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් සබරගමුව පළාත් සභාවට තේරී පත්වූ ඔහු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේද කටයුතු කළ අතර, මනාප 47,147ක් හිමිකරගනිමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2010 වසරේදියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස රංජිත් සොයිසා මන්ත්‍රීවරයා කටයුතු කළා.
පසුගිය ජනාධිපතිවරණයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකළ ඔහු සෑම ඉරිදා දිනකම ඉරිදා විග්‍රහය නම් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ජනතාව මුහුණදෙන ගැටළු පිළිබඳ අනාවරණ කිරීම සඳහායි.
ඔහු අවසන් වරට පසුගිය ජූලි මස 25 වනදා හිරු ටී වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනටද එක්වුණා.
අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද රාත්‍රි 9 ට ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.

Latest News
සමාජ වගකීම් හරියාකාරව ඉටු කළේ නම් ජලභීතිකා මරණ වළක්වා ගැනීමට තිබුණා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
Local
19 July 2026
ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ඉදි වූ ප්‍රථම කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ත්‍රිකුණාමලයේදී විවෘත වෙයි
Local
19 July 2026
පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 'කොස් මල්ලි'ගේ ප්‍රධාන ගෝලයෙක්
Local
19 July 2026
බිත්තර මිල ඉහළ යාමට රජය සහ දෙපාර්තමේන්තුව සෘජුව වගකිව යුතුයි – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය
Local
19 July 2026
වසරේ මේ දක්වා රිය අනතුරුවලින් 1500 ක් මරුට
Local
19 July 2026
අමෙරිකානු සැමියාගෙන් මල් කැකුළු දෙකක් පැහැරගෙන බ්‍රිතාන්‍යයේ සැඟවිලා: ශ්‍රී ලාංකික කතක් සෙවීමට බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් නියෝග
Local
19 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල්ගෙන් අවසන් ගෞරව
Local
19 July 2026
ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන්
Local
19 July 2026
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
Local
19 July 2026
හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි
Local
19 July 2026