General09 December 2019

ණය දෙන අක්‍රමවත් ආයතන සහ පුද්ගලයින් ගැන - මහබැංකුව අනතුරු අඟවයි

මුදල් ණයට දීම සම්බන්ධයෙන් සිදුවන යම් යම් අක්‍රමිකතා පිළිබදව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඊට අදාළව ලැබී ඇති පැමිණිලි හේතුවෙන්.

වංචා පිළිබඳ චෝදනා, ඉහළ පොලී අනුපාත අය කිරීම, ගනුදෙනුකරුවන්ට මුහුණදීමට සිදුවන හිරිහැර ඇතුළු තවත් කරුණු එම පැමිණිලිවල සඳහන්.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව මුදල් අමාත්‍යාංශය සමඟ මුදල් ණයට දෙන ආයතන සහ පුද්ගලයින් වෙත බලපත්‍ර ලබාදීම මෙන්ම ඒවා නියාමනය කිරීම, අධීක්ෂණය කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අදාළ නීති මේ වන විට කෙටුම්පත් කරමින් පවතින අතර එය ඉදිරියේදී බලාත්මක වනු ඇති.

මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ මුවාවෙන් සිදුකෙරෙන වංචාවන්ට ගොදුරු නොවී, ඒ පිළිබදව සැලකිල්ලක් දක්වන ලෙසටයි මහබැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes