Business11 December 2019

පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දීය රජයෙන් මිලියන 300ක ප්‍රදානයක්

යාපනය - පලාලි ගුවන්තොටුපල කලාපීය ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම සදහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් සිදුකර තිබෙනවා.

ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ හමුවූ අවස්ථාවේදි මේ බව දැනුම්දී තිබෙනවා.

මෙම සංවර්ධන වැඩසටහන යටතේ පලාලි ගුවන්තොටුපලේ මගී පර්යන්තය පුළුල් කිරීමට සහ ගමන් මළු පරීක්ෂා කිරීමේ අංගනය ඉදිකිරීම සඳහා වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes