General07 January 2020

පාසල් සිසුවියන් සිව් දෙනෙකුට ලිංගික අපහරණයට ලක්කළ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

අම්පාර - උහන - ගෝනාගොල්ල සෙනරත් පුර ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයකු, පාසල් සිසුවියන් සිව් දෙනෙකු ලිංගික අපහරණයට ලක් කළ බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උහන ප්‍රදේශයේ පාසලක සිසුවියන් සිව්දෙනෙකු අද පැවැත්වීමට නියමිතව තිබූ ධාවන තරඟ ඉසව්වකට සහභාගි වීම සඳහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන්ට වෛද්‍ය සහතිකය සඳහා පරීක්ෂණ කටයුතු කරන මුවාවෙන් ලිංගික අතවර සිදුකර ඇති බවට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියන් 04 දෙනාගෙන් පැමිණීලි පොලිසියට ලැබි ඇති අතර එම සිසුවියන් අවුරුදු 18, 17 සහ 14 යන වයස්වල පසුවන අයයි.
Related recommendation
Hiru TV News | Programmes