International23 March 2020

ඔලිම්පික් කල් දැමීම ගැන ජපාන අගමැතිගෙන් ඉඟියක්

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වද්දී, මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දමන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ නමුත් ඒ සඳහා ඉදිරි සති 4 ඇතුළත තීරණයකට එළඹෙන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේ.

කැනඩාව තමන් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි නොවන බව ප්‍රකාශ කළේ ඉන් අනතුරුවයි. මේ අතර, ජපාන අගමැති ෂින්සෝ අබේ කියා සිටියේ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීම විකල්පයක් නොවන බවයි.

එහෙත් එය කොරෝනා වෛරස් වසංගතය නිසා පැවැත්විය නොහැකි නම් කල් දැමීම පිළිබදව සලකා බැලිය හැකි බව ජපාන අගමැතිවරයා අද එරට පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් සිය මතය ජපාන අගමැති අබේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සංවිධායක යොෂිහිරෝ මෝරි වෙත දැනුම් දී තිබෙනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් සමඟ සාකච්ඡා කරනු ඇති.


Related recommendation
Hiru TV News | Programmes